මහනුවර නගරයේ පිහිටා ඇති පූජනීය ස්ථානයක් වන දළදා මාලිගාවේ බුදුන් වහන්‍සේගේ දන්ත ධාතුව තැන්පත් කර ඇත. රාජ්‍ය දේශපාලන වැදගත් සංකේතයක් වන දන්ත ධාතූන් වහන්සේගේ හිමිකරු රටෙහි පාලකයා බව සැලකෙන මතයක් පුරාණ කාලයේ සිටම පවති. වර්ෂ 1592 සිට 1815 දක්වා කාල සීමාවෙහි දී ලංකාවේ අගනුවර ලෙස මහනුවර පැවති අතර දළදා මාලිගාව නිසාවෙන් මහනුවර නගරය එක්සත් ජාතීන්ගේ ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය. අස්ගිරි මල්වතු නිකායේ හිමිවරු විසින් මාලිගාවේ ආගමික වතාවත් දිනකට තුන් වරක් උදෑසන, දහවල් සහ සවස පවත්වනු ලබයි. වසරකට වරක් ආගමික වතාවත් පැවැත්වීමේ අවස්ථාව අස්ගිරි මල්වතු දෙපාර්ශවය අතර හුවමාරු වේ. බදාදා දින වලදී නානුමුර මංගල්ලය නමින්, දන්ත ධාතුන් වහන්සේ දෝවනය කර විශේෂ ආගමික වතාවත් සිදු කරනු ලබයි. මෙහිදි සුගන්ධවත් මලින් හා ජලයෙන් දෝවනය කිරිම සිදු කෙරෙන අතර එම ජලය රැස්ව සිටින පිරිස අතර බෙදා දෙන්නේ එහි ඇතයි සැලකෙන රෝග සුව කිරීමේ ගුණය නිසාය. ත්‍රස්තවාදි ප්‍රහාරයකින් හානි සිදු වුවද දැන් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත.

No comments:
Post a Comment