


අනුරාධපුරය ශ්‍රී ලංකාවේ අගනුවරක්ව පැවති අතර අදටත් ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරයේ සුරැකිව පවතින නටබුන් සදහා ලෝක ප්‍රසිද්ධියක් උසුලයි. අනුරාධපුරය නගරය මුල් කරගත් ශිෂ්ඨාචාරය ආසියාවේ පැවති විශිෂ්ඨත ම එකකි. දැනට එක්සත් ජාතින් ලෝක උරුමයක් වන මෙය වර්තමාන අගනුවර වන කොළඹ සිට කි.මී. 205 උතුරින්, උතුරු මැද පළාත මල්වතු ඔය ඉවුර මුල් කරගෙන පිහිටා තිබේ. බු.ව.4 වන සියවසේ ආරම්භ වූ අනුරාධපුර රාජධානිය, 11 වන සියවස දක්වා ම දකුණු ආසියවේ ස්ථාවරත ම දේශපාලන හා ආර්ථීක මධ්‍යස්ථනයක් ලෙස වැජඹුණි. බෞද්ධ ලෝකයට පූජනීය නගරයක් වූ, වර්ග කි.මි. 40 පුරා විහිදුනු බෞද්ධ ආරාම පිහිටා ඇති අතර අනුරාධපුර නගරය ලෝකයේ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.


No comments:
Post a Comment