Wednesday, 26 February 2020

හෙල්ගාස් ෆොලී හෝටලය

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමුතු ස්ථානයක් දැක ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම හෝටලය නැරඹිය යුතුමය. අඳුරු කොරිඩෝර සහ සිවිලිමේ බිත්ති වලින් පහලට එල්ලෙන ඇටසැකිලි වලින්ද නානප්‍රකාරයෙන් අඹන ලද භූතයන් හා වාමන රූප වලින් ද පිරී ඇති මෙම හෝටලය සැරසූ පුද්ගලයා අසාමාන්‍ය රසඥතාවයක් සහිත අයෙක් බව බැලූ බැල්මටම පෙනේ. මෙය නම් කර ඇත්තේ එහි හිමිකාරිය වන හෙල්ගා ද සිල්වා බ්ලෝ පෙරේරාගේ නමිනි. අරුම පුදුම හෙල්ගා ෆොලී හෝටලය ඇත්තෙන්ම මනස කළඹවන සුළු එකක් වුවද ආස්වාදජනක නැවුම් බවක් අත්විඳීමට කැමති කොයිකාහටත් නුවර සිටි සෙන්ටර් එකේ සිට මිනිත්තු කිහිපයක දුරින් පිහිටි මෙම ස්ථානය එක වරක් හෝ නැරඹීමට යාම වටී.

No comments:

Post a Comment

https://paidverts.com/promo/0_0_1.gif