ඔන්න තියෙනව තම තමන්ගෙ වාහනවල ටුවර් යන කට්ටියට නියම ගමනක්.
මේ ගමන යන්න තියෙන්නෙ කොළඹ, ඇහැලියගොඩ, පරකඩුව පාරෙන් මිල්ලවිට, කඳන්ගොඩට ගිහින්, එතනින් මාලව, වලාඳුර පාරෙන්. ඒ යද්දි ඉස්සෙල්ලම ඔයාලට හමුවෙන්නෙ දුම්පුස් ඇල්ල. හරි ලස්සන දිය ඇල්ලක්. ඒ වගේම තමයි වතුර ටිකක් නා ගන්න, කෑම ටිකක් කන්නත් කියාපු තැනක්. එතන ලස්සන බැලුවට පස්සෙ, ඔයා ඒ කිට්ටුව කාගෙන් හරි අහල, කැලේ ඇවිදින්න ගයිඩ් කෙනෙක් හොයා ගන්න.
Outmack
කළු ගං මිටියාවතේ පිහිටල තියෙන ගිලිමලේ-එරත්න රක්ෂිතයෙත් ලොකු ජෛව විවිධත්වයක් තියෙනව. විශේෂයෙන්ම කුරුලු, සමනල සහ ගෙඹි, සර්ප විශේෂ අතරෙ. ඒ හැරුණාම ශ්‍රී පාද රක්ෂිතයෙ තියන ශාක විවිධත්වයත් එලෙසින්ම වගේ තියෙනව. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ කැමරාවක් ගෙනියන්න මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි ආපහු එන ගමනෙ, සිරිපා ගම පැත්තට වෙන්න තියෙන මාපනාන ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා.
No comments:
Post a Comment