රත්නපුරේ (ආරක්ෂාව උදෙසා තැන නම් නොකෙරුණ) පතලකින් සොයා ගන්නා ලද මේ නිල් මැණික ලොව ඒ වර්ගයේ විශාලතම මැණිකයි. මෙය මිල කළ නොහැකි බව කියවෙනවා.
ලංකාවේ මැණික් කර්මාන්තය බොහොම දියුණු වෙන එකක්. ඉතා ඈත අතීතයේ ඉඳන්ම ලංකාවේ මැණික් වලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් හිමි වී තිබුණා. එංගලන්ත මහ රැජිනගේ ඔටුන්නේ තියෙන විශාල රතු මැණික වගේම ඩයනා කුමරියගේ මගුල් මුද්දේ තියෙන කොළ මැණිකත් (මෙය දැන් කේට් මිඩ්ල්ටන් කුමරිය පැළද සිටිනවා) ලංකාවේ මැණික් ලෝකයේ අවධානයට ලක් වුනු පැහැදිලි අවස්ථාවන් දෙකක්. නමුත් ළඟදී අපේ මැණිකක් විදිහට ලෝකයේ ප්‍රවෘත්ති අතරට එක් වුණේ ලොව විශාලතම නිල් මැණික බවට තහවුරු වූ “ආදම්ගේ තාරකාව” යි.
රත්නපුරෙන් සොයා ගත් මේ මැණික පිළිබඳ සමහර තොරතුරු ආරක්ෂාව සඳහා වසන් කර තිබෙනවා. මේක කැරට් 1404.49ක ඇති විශාල මැණිකක්, මිල ඩොලර් මිලියන 100කටත් වඩා වැඩියි. (වෙන්දේසි කළා නම් මිලියන 175ක් පමණ ලබා ගත හැකි බව පැවසෙනවා) මේකේ අයිතිකරුවගේ නම ප්‍රසිද්ධ කරලා නැහැ, නමුත් ඔහු තමයි මේකට ආදම්ගේ තාරකාව කියලා නම තියලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ ආදම් තමන් සිටි පාරාදීසයෙන් පිටුවහල් කළාට පස්සේ ලංකාවට ආවා කියන මුස්ලිම් විශ්වාසය. මේක ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට දාන්න ඉන්නවද, නැතිනම් රහසේ තවත් කෙනෙක්ට විකුණලද කියලා තවම දැන ගන්නට නැහැ.
No comments:
Post a Comment