Tuesday, 25 February 2020

නුවරඑළියට එන වැඩි දෙනෙක් නොදන්න සුන්දර තැන් : ගැල්වේස් ලෑන්ඩ් උද්‍යානය සහ සඳ තැන්න.



“නුවරඑළිය” කිව්වාම වැඩි දෙනෙක්ට ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ වැඩිම උෂ්ණත්වය කොහේ වාර්තා වුණත් මොන කාලගුණ වාර්තාවෙත් අඩුම උෂ්ණත්වය තියෙන්නේ නුවරඑළියේ තමයි. ඉස්සර ඉඳලාම පුංචි එංගලන්තය විදිහට නුවරඑළිය ප්‍රසිද්ධ වුණෙත් මේ සීතල දේශගුණය නිසාමයි. දැන් දැන් රට පුරාම සාමාන්‍ය උෂ්ණත්වය එන්න එන්නම ඉහළ යන නිසා ඇඟට සිසිලක් ගන්න නුවරඑළියට එන දේශීය සංචාරක පිරිසෙත් සැලකිය යුතු වැඩි වීමක් තියෙනවා. නුවරඑළියේ ගිහින් කරන්නේ මොනවද කියලා ඇහුවොත් බොහෝ දෙනාට ජනප්‍රිය පිළිතුරක් තියෙනවා, ඒ තමයි කෝට්, ජර්සි, ස්වෙටර්ස් එහෙම ඇඳගෙන, මන්කි තොප්පි දාගෙන, මෆ්ලර් බැඳගෙන ඇවිදින්න යන එක. ඒ යන ගමන් අවට වතු වල සාරෙට හැදෙන ස්ට්‍රෝබෙරි ගෙඩි කන්නත් පුළුවන්. වැඩි දෙනා නුවරඑළියට එන අප්‍රේල් මාසයේ සීතල ටිකක් අඩු නිසා දවල්ට නම් කවුරු අතේ බැලුවත් අයිස් ක්‍රීම් කෝන් එකක් තියෙනවා. ග්‍රෙගරි වැව වටේ ඇවිදින්නම හදලා තියෙන පාක් එකේ රවුමක් යන එකත් මේ පැත්තට එන කාගේ වුණත් දින චර්යාවට ඇතුලත් වෙන දෙයක්. කැමති නම් වැවේ ස්පීඩ් බෝට්ටුවක් හරි වෝටර් ස්කූටර් එකක් හරි පදින්නත් පුළුවන්. හතර වටේම ගස් කොළන් පිරුණු සුන්දර පරිසරය නිසා ෆොටෝ ගන්නත්, සෙල්ෆි ගහ ගන්නත් කියාපු තැනක් තමයි නුවරඑළිය. අප්‍රේල් මාසේ එනවා නම් කානිවල් එකට ගිහින් විනෝද වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා. නුවරඑළියේ නවාතැන් ගන්න එන වැඩි දෙනා කුළියට ගත්ත ගෙවල් වල තමයි නවතින්නේ, ඉතින් රෑ වුණාම ගාඩ්න් එකේ ග්‍රිල් එකක් එහෙම එළියට අරගෙන පාටියක් දාන්නත් වැඩි දෙනා අමතක කරන්නේ නැහැ. අපි මේ කිව්ව දේවල් වැඩි දෙනෙක්ට අලුත් දේවල් නොවෙන්න ඇති. නමුත් අපි මේ කතා කරන්න යන්නේ නුවරඑළියට එන වැඩි දෙනෙක් ඒ තරම් උනන්දුවක් නොදක්වන තැන් දෙකක් ගැන කතා කරන්නයි. විශේෂයෙන්ම සීසන් දවස් වලට සද්දෙයි, ට්‍රැෆික් එකයි නිසා නිස්කලංක බව අඩුයි වගේ දැනෙනවා නම් සෙනග ගැවසෙන තැන් වලින් මිදිලා සුන්දර නිස්කලංක පරිසරයකට මාරු වෙන්න මේවා කියාපු තැන්. හැම අවුරුද්දෙම වගේ නුවරඑළියේ එන අයටත් අලුත් අත්දැකීමක් ගන්න මේක හොඳ අවස්ථාවක්. නගරයේ ඉඳන් වැඩි දුරක් නැති නිසා පහසුවෙන්ම ලඟා වෙන්නත් පුළුවන් තැන් දෙකක්. අපි මේ කියන්න යන්නේ ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය සහ සඳ තැන්න ගැනයි.

No comments:

Post a Comment

https://paidverts.com/promo/0_0_1.gif