

දඹුලු ලෙන් විහාරය (රන්ගිරි දඹුලු ගල් විහාරය) රට මැද භාගයට වන්නට පිහිටි, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ස්ථානයකි. කොළඹින් කි.මි. 148 නැගෙනහිරින්ද මහනුවරින් කි.මි. 72 උතුරින්ද පිහිටා ඇති මෙය ඉතා හොදින් සුරැකිව ඇති විහාර සංකීර්ණයකි. තැනිතලාවෙන් මි.160 උසින් පිහිටි පර්වතයක, 80 ට අධික ලෙන් සංඛ්‍යාවක් පවතින අතර ලෙන් පහක් ආශ්‍රිතව විහාර අංගනය පිහිටා ඇත. බුද්ධ චරිතයට අදාළ ස්තූප සහ බිතු සිතුවම් නිසා මෙම විහාරය ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇත. බුද්ධ ස්තූප 153, සිංහල රජුන්ගේ ප්‍රතිමා 3 සහ දැව ප්‍රතිමා 4 ක් වර්ග මි. 2100 ප්‍රදේශයක පිහිටා තිබේ. බිතු සිතුවම් මගින් බුදුන්ගේ මාර පරාජය සහ පළමු ධර්ම දේශනාව නිරූපණය කර ඇත.
No comments:
Post a Comment