Monday, 24 February 2020

පොළොන්නරුව


            චෝල ආක්‍රමණිකයින් පරදවා පළමුවන විජයබා රජු විසින් අගනුවර කර ගත් ‍පොළොන්නරුව ලංකා‍වේ ‍දෙවන පැරණිතම නගරයයි. එනමුත් ‍පොළොන්නරු රාජධානි‍යේ වැදගත්ම චරිතය වන්නේ ඔහුගේ මුනුබුරු මහා පරාක්‍රමබාහු රජුය. කෙටි චෝල පාලන සමයේ දී ‍මෙම නගරය ජනනාත මංගලම් ‍ලෙස ද හදුන්වා ති‍බේ. එ‍හෙත් ඉන් පසු පත් වූ පාලකයින්‍ අතරින් නිශ්ශංකමල්ල රජු හැරුණු විට පත් වූ අ‍නෙක් පාලකයින් එතරම් සාර්ථක ‍නොවූහ. එම රජවරු ඇති කර ගත් දකුණු ඉන්දියානු විවාහ සම්බන්ධතා පසු කාලීනව ඇති වූ දකුණු ඉන්දියානු ආක්‍රමණවලට ද රාජධානිය දඹ‍දෙණියට සංක්‍රමණය වීමටද හේතු විය. අද වන විට ‍පොළොන්නරු රාජධානි‍යේ පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන, මුල් කාලීන රජුන්ගේ සෞභාග්‍යමත් පාලන අවධි පිලිබද සාක්ෂි දරයි. ‍මෙම ඓතිහාසික නගරය එක්සත් ජාතීන්ගේ ‍ලෝක උරුමයක් ‍ලෙස නම් කර තිබේ.

No comments:

Post a Comment

https://paidverts.com/promo/0_0_1.gif