Friday, 6 March 2020

ගිලිමලේ



ඔන්න තියෙනව තම තමන්ගෙ වාහනවල ටුවර් යන කට්ටියට නියම ගමනක්.

මේ ගමන යන්න තියෙන්නෙ කොළඹ, ඇහැලියගොඩ, පරකඩුව පාරෙන් මිල්ලවිට, කඳන්ගොඩට ගිහින්, එතනින් මාලව, වලාඳුර පාරෙන්. ඒ යද්දි ඉස්සෙල්ලම ඔයාලට හමුවෙන්නෙ දුම්පුස් ඇල්ල. හරි ලස්සන දිය ඇල්ලක්. ඒ වගේම තමයි වතුර ටිකක් නා ගන්න, කෑම ටිකක් කන්නත් කියාපු තැනක්. එතන ලස්සන බැලුවට පස්සෙ, ඔයා ඒ කිට්ටුව කාගෙන් හරි අහල, කැලේ ඇවිදින්න ගයිඩ් කෙනෙක් හොයා ගන්න.
Outmack

කළු ගං මිටියාවතේ පිහිටල තියෙන ගිලිමලේ-එරත්න රක්ෂිතයෙත් ලොකු ජෛව විවිධත්වයක් තියෙනව. විශේෂයෙන්ම කුරුලු, සමනල සහ ගෙඹි, සර්ප විශේෂ අතරෙ. ඒ හැරුණාම ශ්‍රී පාද රක්ෂිතයෙ තියන ශාක විවිධත්වයත් එලෙසින්ම වගේ තියෙනව. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ කැමරාවක් ගෙනියන්න මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි ආපහු එන ගමනෙ, සිරිපා ගම පැත්තට වෙන්න තියෙන මාපනාන ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා.

රූනකන්ද




අමුතුවෙන් කියන්න ඕන නෑ. දන්නෝ දනිති රූනකන්දෙ වටිනාකම. බෙහෙත් පැළෑටි වගේම ගොඩාක් වටින ගස් කොළන් සෑහෙන්න ප්‍රමාණයක් මේකෙ තියෙනව. ඒ හැරුනාම ඒක දේශික කුරුළු විශේෂත් එටමයි. ගොඩක්ම ගෙඹි, සර්ප විශේෂ අධ්‍යයනය කරන්නත් රූන කන්ද කියාපු තැනක්. මාදුගඟ මැදි කරගෙන පෝෂණය වෙන මේ රූන කන්ද රක්ෂිතය, මුලු මනින්ම වගේ පිහිටල තියෙන්නෙ සිංහරාජ මායිමේ. ඔය ගොඩ දෙනෙක් හොයන පහන්තුඩා ඇල්ල තියෙන්නෙත් මේ කැළේම තමයි. මේකට යන්න තියෙන්නෙ කොළඹ, අගලවත්ත හරහා බදුරලියට ඇවිත් එතනින් හැඩිගල්ල පාරෙ. හැබැයි කැළේ ඇවිදින්න නම් ඔයාට, කාව හරි කතා කරගන්න වෙනව.
Earn money

ඒ හැරුනාම ඉතින් තව ඔය පොඩි පොඩි තැන් ටිකකුත් තියෙනව. ඉන්නකො ඉන්නකො, අපි ඒවත් ලඟදිම කියන්න.

Wednesday, 4 March 2020

2020 හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව



කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකාවක් වන CNN නාලිකාවේ ‘CNN ට්‍රැවල්’ විසින් ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත නගර හිමි රටවල් 20 අතරට ශ්‍රී ලංකාව නම් කර ඇත.

එම නාලිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක් මෙලෙස නම් කර තිබේ. එහි ශ්‍රී ලංකාවේ සංචාරක වැදගත්කම පිළිබඳවද සඳහන් කර තිබේ.
දකුණු ආසියානු කලාපයේ දූපත් රටක් වන ශ්‍රී ලංකාව සුන්දර මෙන්ම වසර 2,000ක ලිඛිත ඉතිහාසයක් හිමි, ඕනෑම වේලාවක සංචාරය කළ හැකි රටක් බවත් පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවද ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තයක් බවත් ‘CNN ට්‍රැවල්’ සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් ඉතාම සුන්දර බවත් එහි ඉතිහාසය ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ සංචාරය කිරී‍ෙමන් වටහාගත හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.

Share & veiw

12 වැනි ශතවර්ෂයේ රටේ අගනුවර වූ පුරාණ නගරයක් වූ පොළොන්නරුවේ පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරස්ථානද නැරඹිය යුතුම ගමනාන්ත ලෙස දැක්වේ. තවද සීගිරිය පර්වතය පිළිබඳවද එහි සඳහන් කර තිබේ. ‘ලෝකයේ අටවන ආශ්චර්යය’ ලෙස හඳුන්වනු ලබන යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිගිරිය යනු ශ්‍රී ලංකාවේ සංචාරකයින් වැඩිපුරම නරඹන ලද ස්ථානයක් බවද ‘CNN ට්‍රැවල්’ කියා තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව මෙම වාර්තාවෙහි චිලි ලේක්, ඩෙන්මාර්කයේ කොපන්හෙගන්, මළ මුහුද, ඩොමිනිකාව, එස්තෝනියාව, අයර්ලන්තයේ ගල්වේ, ජැ‍ෙමයිකාව, කිරිගිස්තානය, කොයිෂු – ජපානය, නව කැලිඩෝනියාව, පැරටි සහ ඉල්හා ග්‍රෑන්ඩ්, බ්‍රසීලය, රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග්, ටියුනිසියාව, බ්‍රිටිෂ් කොළොම්බියාවේ වැන්කුවර් අයිලන්ඩ්, ඇමෙරිකාවේ වෝෂින්ටන් සහ වයොමිං, ජර්මනියේ වුපර්ටල්, සැම්බියාව ඇතුළු රටවල් සහ නගර කිහිපයක් නම් කර ඇත.

මේ අතර වනජීවී සංචාරක කටයුතු සඳහා ආසියාවේ හොඳම රට බවට ශ්‍රී‍ ලංකාව පිළිගෙන තිබේ.
ආසියාවේ ප්‍රමුඛතම ප්‍රකාශන 10ක් මඟින් ඒ පිළිබඳව සොයා බලා තිබේ. ක්වාලාලම්පූර් නුවරදී මෙම ගෞරවය ශ්‍රී‍ ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත පිරිනමා ඇත. ආසියාවේ රටවල් සම්බන්ධයෙන් සිදු කළ විශේෂ සමීක්ෂණයකින් අනතුරුව මෙහි පළමු ස්ථානය ශ්‍රී‍ ලංකාවට හිමිව ඇත.

කැලයක් මැද තියෙන ලස්සන දිය ඇල්ලක්


මේ දියඇල්ල බලන්න යන්න තියෙන්නේ වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ බෙරගල හන්දියට ඇවිල්ලයි. ඊළගට එතනින් කොළඹ බෙරගල මාර්ගයේ කළුපහන හන්දියෙන් බැහැල උඩ පැත්තට ඇති මාර්ගයේ යා යුතුයි. ඒ කියන්නේ බඹරකන්ද දියඇල්ල බලන්න යන්න තියෙන පාරේ කිලෝමීටර 4ක් පමණ දුරක් ගමන් කල යුතුයි. බස් රථයක එනවා නම් එම හන්දියේ ත්‍රී රෝද රථ ඔබට උදව් කරාවි. මේ විදියට එන ඔබට ගල් පර්වතයක් උඩ සිට ඇද හැලෙන දර්ශනීය දියඇල්ලක් දක්නට ලැබෙනවා. එම දියඇල්ල හඳුන්වන්නේ බඹරකන්ද දියඇල්ල කියලා. ලංකාවේ උසම දියඇල්ල තමයි ඒක. මේ ඇල්ල කිට්ටුවට යනකොට වම පැත්තට වෙන්න තියෙන්නේ මහා විශාල පයිනස් වගාවක්. ඒ වගාව අතරින් වැටුණු අඩි පාරක් තියනවා. අන්න ඒ අඩිපාර දිගේ තමයි මේ සුන්දර දියඇල්ල හොයාගෙන යන්න ඕන.

පයිනස් ගස් අතරින් යන ගමන බොහොම අනතුරුදායකයි. මොකද පොඩ්ඩක් හරි පය ලිස්සුවොත් අඩි දෙතුන් සියයක් පහලට ලිස්සලා වැටෙන්න පුළුවන් නිසා සෙරෙප්පු දෙකක් දාගෙන යන්න බැහැ. බොහොම පරිස්සමට අඩිය තියන්න ඕනේ. මොකද වෙලුනු පයිනස් කොළ හරියට ලිස්සනවා.

සුන්දර වනපියස ඉවත් කරලා පයිනස් කියන විදේශීය ශාකය වවලා අපේ පරිසරයේ තිබුණු සුන්දරත්වය කොයිතරම් නැති වෙලාද කියලා ඔබට මේ යන ගමනේදී ඈත වනපෙතත් එක්ක බලනකොට මනාව වැටහේවි. කොහොමහරි අමාරුවෙන් මීටර හත් අටසියයක් විතර පයිනස් වගාව අතරින් වැටුණු අඩිපාර දිගේ දිගටම ගියාම හැමබවෙන්නේ පතන බිමක්. මානා හොදටම වැවිලා පාර හරියට පේන්නෙත් නෑ. කlල්පනාවෙන් යන්න ඕනේ. මොකද වම් අත පැත්තේ තියෙන්නේ තවත් විශාල බෑවුමක් සහිත ප්‍රදේශයක් නිසා. ඒ අයිනෙන්ම තමයි මේ දියඇල්ලට යන පාරත් වැටිලා තියෙන්නේ. එහෙම කිලෝමීටරයක් විතර යනකොට ඈතින් දියඇල්ලක් පේන්න ගන්නවා. එක තමයි අපි මේ විස්තර කරන ලංකා ඇල්ල කියන්නේ.

තව ටිකක් දුර යනකොට කන්ද උඩ පැත්තට වගේම පහලට පාරවල් දෙකක් හමු වෙනවා. අපි යන්න ඕනේ පහල තියන පාරේ. එක දිගේම ඇවිදගෙන යනකොට දන්නෙම නැතිව දියඇල්ල ආසන්නයට යන්න ලැබෙනවා.

ඔන්න අපි දියඇල්ල ළඟටම ආවා. ලංකාව වගේ හැඩය ගත්ත වතුර වැටෙන ඇල්ලක් නිසා තමයි ලංකා ඇල්ල කියල මේ ඇල්ල නම් කර තිබෙන්නේ. තවමත් අප්‍රකටව පවතින මේ දියඇල්ලට එන පිරිස ඉතාම අඩුයි. ඇත්තටම කවුරුත් එන්නේ නැති තරම්. මොකද පරිසරයට සැබෑවටම ආදරය කරන අය මිසක් මේ වගේ දුෂ්කර ගමනක් විනෝදයට බර ය තෝරාගන්නේ නැති නිසා.

ලංකා ඇල්ල කෙලින්ම වැටෙන්නේ බේසමක් වැනි තැනකට. එතන හරිම ග්ම්බුරුයි කියලා අපි දැනගත්තේ ඒ ගැන තොරතුරු හොයන වෙලාවේ. මිනිස් ජීවිත බිලිගන්නවා කියන කතාවකුත් එහි තියනවා කියලා ආරංචි උනා. සමහරවිට වෙන්නත් පුළුවන්.

බේසමට වැටිලා ගලායන වතුර හරිම සීතලයි. ඒ සීතලම සීතල වතුර ටිකක් බිව්වේ ගමන් මහන්සිය නිවා ගන්න.

වටපිටාවෙන් ඇහෙන කුරුළු සද්ද, රැහැයියන්ගේ සද්ද වලින් කන් පිරිලා. ඇල්ලෙන් ගලා යන වතුර පාර ගල්තලාව දිගේ පහලට ගලාගෙන යනවා. අපි ඒ වතුර පාර දිගේ පහලට ඇවිදගෙන ගියේ බොහොම පරිස්සමෙන්. සමහර තැන් වල ඔලුව අල්ලාගෙන නාන්න පුලුවන් පීලි වගේ තැන් පවා තියනවා. සමහර තැන් වල ජාල තටාක වගේ හැදිලා පතුල පෙන තරම් වතුර සුපැහැදිලියි, පිරිසිදුයි. ඒ වතුර පාරවල් පවා සමහර තැන් වලදි කුඩා දියඇලි නිර්මාණය කරගෙන තමයි පහලට කඩා හැලෙන්නේ.

සමහරු ඇවිල්ල මේ තැන්වල කුඩාරම් අටවාගෙන රාත්‍රිය ගතකරපු බවට සාක්ෂි තිබුනා. ගිනි ගොඩවල් ගහලා කෑම උයාගෙන කාලා තිබුනා. සතුටුවෙන්න විනෝද වෙන්න රාත්‍රියක් දෙකක් ගහ කරන්න කියාපු තැනක් උනත් අවට වටපිටාව ගැන කිසිත් නොදැන එවැනි කටයුත්තකට යාම අනතුරුදායක බව අපට දැනුනා.

ගඟ දිගේ අපි ටික දුරක් ඇවිදගෙන ගිහිල්ලා අයෙත් පුරුදු පාරට එන්න පටන් ගත්තේ කන්දේ ඉහලට නැඟලා. එක නම් තරමක දුෂ්කර ගමනක්. මොකද මානා පඳුරු අල්ලාගෙන පාරවල් හදාගෙන තමයි ඒ ගමන එන්න සිද්ධ උනේ. සමහර තැන්වල ගල් ගැලවෙනවා. පරිස්සම තමයි මේ ගමන්වලදී බොහොම වැදගත් වෙන්නේ.

Tuesday, 3 March 2020

ලොව විශාලතම කුරුඳු නිෂ්පාදකයා



ලංකාවේ කුරුඳු ; මල්, පොතු සහ කුඩු.

 ලංකාවෙන් කෙරෙන භෝග අපනයන ගැන සලකලා බැලුවම තේ අපේ ප්‍රධාන අපනයනය කියන තැනින් අයින් වෙලා දැන් ගොඩක් කල්. ඒ තැන කුරුඳු වලට දෙන්න අවශ්‍යයි, මොකද ලෝකයේ ලොකුම කුරුඳු නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි.

Gossips Lanka


ලොකුම කුරුඳු නිෂ්පාදකයා කිව්වම මොන තරම් ලොකුද කියන ප්‍රශ්නය එනවා. ලෝකයේ කොතනත් පාවිච්චි වෙන කුරුඳු වලින් 80%ත් 90%ත් අතර ප්‍රමාණයක් ලංකාවේ හැදෙන කුරුඳු කියලා කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද? පිළිකා වළක්වා ගන්න, බර අඩු කර ගන්න දැන් ගොඩක් බටහිර රටවල් වල පාවිච්චි වෙන ප්‍රධාන දෙයක් තමයි කුරුඳු. අපිට නම් වැඩි පුරුද්දක් තියෙන්නේ කුරුඳු කෑම වලට දාල කන්නනේ. (ඒකෙනුත් ව්‍යංජන වල තියෙන කුරුඳු පොතු අපි වැඩි දෙනෙක් කන්නේ නැතිව අයින් කරනවා) නමුත් මේ රටවල් වල නිතරම කෙරෙන්නේ කුරුඳු තේ බොන එක. ඒ කිව්වේ තේ වගේම කුරුඳු කුඩු කරලා දිය කරලා බොන එක. ලෙඩ රෝග ගණනාවකින්ම මිදෙන්න කුරුඳු තේ හේතු වෙන බව ඔවුන්ම පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා.

වැඩියෙන්ම විතරක් නෙවෙයි, ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය කරන්නෙත් ලංකාවයි. අපේ කුරුඳු ඉතා සුවඳ, සුමුදු, නියම ප්‍රමාණයට සංයෝග මිශ්‍ර වූ හා රසවත් බව බොහෝ දෙනෙක්ගේ පිළිගැනීමයි. කුරුඳු වල විද්‍යාත්මක නාමය දැක්කම ලංකාව කුරුඳු එක්ක මොන තරම් බැඳීමක් තියෙනවාද කියන දේ වැටහෙනවා. Cinnamomum zeylanicum කියන නමේ දෙවැනි කොටස Ceylon කියන ලංකාවේ ඉස්සර නමෙන් කෙලින්ම ගත්තු එකක්.

ආදම්ගේ තාරකාව (Star of Adam) : ලොව විශාලතම නිල් මැණික.

 
රත්නපුරේ (ආරක්ෂාව උදෙසා තැන නම් නොකෙරුණ) පතලකින් සොයා ගන්නා ලද මේ නිල් මැණික ලොව ඒ වර්ගයේ විශාලතම මැණිකයි. මෙය මිල කළ නොහැකි බව කියවෙනවා. 

 ලංකාවේ මැණික් කර්මාන්තය බොහොම දියුණු වෙන එකක්. ඉතා ඈත අතීතයේ ඉඳන්ම ලංකාවේ මැණික් වලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් හිමි වී තිබුණා. එංගලන්ත මහ රැජිනගේ ඔටුන්නේ තියෙන විශාල රතු මැණික වගේම ඩයනා කුමරියගේ මගුල් මුද්දේ තියෙන කොළ මැණිකත් (මෙය දැන් කේට් මිඩ්ල්ටන් කුමරිය පැළද සිටිනවා) ලංකාවේ මැණික් ලෝකයේ අවධානයට ලක් වුනු පැහැදිලි අවස්ථාවන් දෙකක්. නමුත් ළඟදී අපේ මැණිකක් විදිහට ලෝකයේ ප්‍රවෘත්ති අතරට එක් වුණේ ලොව විශාලතම නිල් මැණික බවට තහවුරු වූ “ආදම්ගේ තාරකාව” යි.

 රත්නපුරෙන් සොයා ගත් මේ මැණික පිළිබඳ සමහර තොරතුරු ආරක්ෂාව සඳහා වසන් කර තිබෙනවා. මේක කැරට් 1404.49ක ඇති විශාල මැණිකක්, මිල ඩොලර් මිලියන 100කටත් වඩා වැඩියි. (වෙන්දේසි කළා නම් මිලියන 175ක් පමණ ලබා ගත හැකි බව පැවසෙනවා) මේකේ අයිතිකරුවගේ නම ප්‍රසිද්ධ කරලා නැහැ, නමුත් ඔහු තමයි මේකට ආදම්ගේ තාරකාව කියලා නම තියලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ ආදම් තමන් සිටි පාරාදීසයෙන් පිටුවහල් කළාට පස්සේ ලංකාවට ආවා කියන මුස්ලිම් විශ්වාසය. මේක ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට දාන්න ඉන්නවද, නැතිනම් රහසේ තවත් කෙනෙක්ට විකුණලද කියලා තවම දැන ගන්නට නැහැ.

ශ්‍රී ලංකාව ලෝකයේ පළමු තැනට පත් වෙයි.

2019 වසරේදී ලෝකයේ සංචාරයට සුදුසු ම හා හොඳම රට ලෙස ශ්‍රී ලංකාව පළමු තැනට පත්වී තිබේ.

ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන lonely planet වෙබ් අඩවිය ලෝකයේ සංචාරය සඳහා සුදුසුම රටවල් 10ක් නම් කරමින් ශ්‍රී ලංකාවට පළමු තැනට නම් කර ඇත. ජර්මනිය දෙවැනි ස්ථානය පසුවන අතර තෙවන ස්ථානය සිම්බාබේ වේ. පැනමා, කිරිගස්ථාන්, ජොර්දාන්, ඉන්දුනීසියා, යනාදී රටවල් සිව්වන ස්ථානයේ සිට පිළිවෙළින් නම් කර තිබේ.




ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික අතර පවතින සංචාරක සමීපතාව සහ එහි විචිත්‍ර‍වත් දර්ශනීය ප්‍රවේශයක් පිළිඹිබු කරනු ලබයි. දශක ගණනාවක් පැවැති සිවිල් ගැටුම්වලින් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පිවිසීමට හා සේවාවන් ලබාගැනීමට ඇති පහසුකම්, ජනතාව අතර සුහදශීලීත්වය මේ වන විට වර්ධනය වෙමින් පවතින බව මෙවැනි ජාත්‍යන්තර තේරීම්වලින් පැහැදිලි වේ.



මෙරට සංචාරකයින්ට අමතක කළ නොහැකි ස්ථානය රැසක් පෙන්වා දී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දර මුහුදු තීරය විදෙස් සංචාරකයින්ගේ ඇස ගැටෙන ස්ථාන ලෙස පෙන්වා දෙන අතර තංගල්ල මුහුදු තීරය, කඩොලාන පද්ධතිය, ප්‍ර‍මුඛත ස්ථානයක් හිමි වේ. සුන්දර දුම්රිය ගමනක්, අනුරාධපුර, පොලොන්නරුව, ශ්‍රී දළදා මාළිගාව, සීගිරිය වැනි පෞරාණික ස්ථාන, ආහාර, ලොව ප්‍ර‍කට තේ සඳහා නමක් දිනා සිටීම, උඩවල වැනි ජාතික සත්වෝද්‍යාන, ජාතික වනෝද්‍යාන, යෝග සහ ආයුර්වේද ප්‍ර‍තිකර්ම, ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන් පෞරාණික ගාලු කොටුව, සෞම්‍ය කාලගුණය යනාදීය පෙන්වා දිය හැකිය.

https://paidverts.com/promo/0_0_1.gif